Header Ads

Breaking News
recent

පලමුව මහ මැතිවරණය පැවැත්විය යුතුයි..- බැසිල් මාධ්‍ය හමුවේ..

ජනාධිපතිවරණට පෙර මහ මැතිවරණය පැවැත්වීම සුදුසු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි. එසේ නොවුනහොත් මහජන මතය නිවැරදි ආකාරයෙන් පිළිබිඹු නොවන බවද හෙතෙම පෙන්වා දෙයි.

මහජන මතය නිවැරදිව පෙන්වන පාර්ලිමේන්තුවක් බිහිවෙනවා දැකීමට තමන් කැමැති බවද හෙතෙම සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියි.

කෙසේ වෙතත් මහමැතිවරනයට පෙර ජනාධිපතිවරණය පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ අවධානය මේ වන විටත් යොමුව ඇත.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා වට ගණනාවකදීම ඉහළ ප්‍රමුඛත්වය ලැබී ඇත්තේ ජනාධිපතිවරණය මුලින් පැවැත්වීමටයි.

විපක්ෂයේ පක්ෂ කිහිපයකින් මන්ත්‍රීවරුන් කොටසක් සම්බන්ධ කරගෙන ජනාධිපතිවරණයකට මුහුණ දීම වඩා සුදුසු බවද එහිදී වැඩි අවධානයකට යොමුව ඇත.

No comments:

Powered by Blogger.