Header Ads

Breaking News
recent

පොහොට්ටු අපේක්ෂකයා ජූනි මුල් සතියේ තීන්දු වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ජූනි මස පළමු සතියෙන් පසු තීරණය කෙරෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ද නැතහොත් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබාදෙනවා ද යන්න පිළිබඳව තීරණය කෙරෙනු ඇත.

මැතිවරණය ඉලක්ක කරගෙන ආසන මට්ටමින් සමුළු පැවැත්වීම ලබන සතියේ සිට ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

ආසන මට්ටමේ සමුළුවලදී ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අදහස් හා යෝජනා විමසීමක් සිදුකෙරෙන අතර එම අදහස් හා යෝජනා ද සැලකිල්ලට ගෙන ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් තීරණයක් ගැනෙනු ඇත.

එමෙන් ම, සංවිධායක ධුර පුරප්පාඩුව පවතින මැතිවරණ කොට්ඨාස සඳහා නව සංවිධායකවරුන් පත් කිරීමටත් පක්ෂය තීරණය කර තිබෙන අතර, සංවිධායක ධූර සඳහා ඉල්ලීම් පක්ෂ මූලස්ථානයට ලැබෙමින් පවතින බවත් පක්ෂ අරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ය.

මේ අතර, පක්ෂයෙන් වෙන්ව ස්වාධීනව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට නැවත පක්ෂයට එක්වන්නැයි ඇරයුම් කර ඇති බව ද දැනගන්නට ඇත.

අනුර බාලසූරිය, නාලක සංජීව දහනායක
-mawbima

No comments:

Powered by Blogger.