‘කෑලි කෑලි කපනවා’ ජනාධිපති කැමරාකරුවෙකුට රනිල්ගේ මාධ්‍ය ලොක්කාගෙන් තර්ජන.. අතුරුදන් ඩ්‍රෝන කැමරාවට පොටක් පෑදේ...!
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එවකට මාධ්‍ය ප්‍රධානියෙකු විසින් තමන්ට මරණ තර්ජන කළ බවට ජනාධිපති මාධ්‍ය අංශයේ ඡායාරූප ශිල්පියකු පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
කහතුඩුවට පොලිසියට කර ඇති මෙම පැමිණිල්ල මගින් ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ තිබූ ඩ්‍රෝන කැමරාවක් ඇතුළු උපකරණ කිහිපයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අතරතුර මෙම තර්ජනය එල්ල කරන ලද බවයි.
සිදුවන විමර්ශන සම්බන්ධයෙන් තොරතුරු දෙන්නේ තමන් බවට මෙම පුද්ගලයා තමන්ට මරණ තර්ජනය කළ බවත් තමන් කෑලි කෑලි වලට කපා දමන බවත් පවසමින් තර්ජනය කළ බවද එකී පැමිණිල්ලේ දැක්වෙයි.
කහතුඩුව පොලීසිය සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
No comments: