Header Ads

Breaking News
recent

හිටපු මහින්දට දින දෙයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදී තිබූ ආරක්ෂක සංචිතය නිලධාරීන් 60කය අඩු කිරීමට රජය ගත් තීරණයට එරෙහිව ඔහු ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට එළ⁣ඹෙන මාර්තු මස (19) වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

පෙත්සම කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරුණිකා හෙට්ටිගේ අධිකරණය හමුවේ සදහන් කළේ, මෙම නඩුකරයට අදාළව වග උත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට කාලය අවශ්‍ය බවයි.

එහිදී පෙත්සම්කාර මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි අධිකරණය හමුවේ කරුණු දක්වමින් සදහන් කළේ, කිසිදු ආරක්ෂක ඇගයීමකින් තොරව තම සේවා දායකයාගේ ආරක්ෂාව අඩු කිරීමට කටයුතු කර ඇති බවයි.

අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සමක් කරුණු තහවුරු කිරීමට එළ⁣ඹෙන මාර්තු මස (19) වනදා කැඳවන ලෙස නියෝග කළේය.

No comments:

Powered by Blogger.