Header Ads

Breaking News
recent

අලුත්කඩේ ඝාතනයට මොහොතකට පෙර වෙඩික්කරු හා කොමාන්ඩෝ සාලින්ත අතර Whatsapp Chat මෙන්න..

අලුත්කඩේ අධිකරණයේ විත්ති කූඩුවේදී ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ටික වේලාවකට පෙර වෙඩික්කරු සහ විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා අතර වට්ස්ඇප් සංවාදයක තොරතුරු හෙලිව ඇත. පොලිසිය විසින් සිදු කරමින් ඇති විමර්ශණවලදී හෙලිව ඇති එම සංවාදයන් මෙසේය. 
කමන්ඩෝ සලින්ත – ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව

වෙඩික්කරු – ඇතුළේ අවුලක් නැද්ද? මම ඇතුළේ

කමන්ඩෝ සලින්ත – නෑ ගහන්න, සෙට් වෙනවද? ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි

වෙඩික්කරු – පොලිස්කාරයෝ ටික?

කමන්ඩෝ සලින්ත – ඔක්කොම හරි. ඔයා ගහන්න

පෙරවරු 9.54ට වෙඩික්කරු කමාන්ඩෝ සලින්තට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

වෙඩික්කරු – අරූ මැරිලාද?

කමන්ඩෝ සලින්ත – මැරිලා

වෙඩික්කරු – නියමයි

කමන්ඩෝ සලින්ත – උඹ මගේ පණ

වෙඩික්කරු – අනේ මොනාද අයියේ මේ කතා ? ඔයා මට කන්න බොන්න දීලා තාත්තා කෙනෙක්ටත් වඩා පරිස්සම් කළා. ඉතින් ඔයා මගේ පණ අයියේ.
නංගි එතන තාම. මං ආවා

No comments:

Powered by Blogger.