Friday, August 15 2025

Header Ads

පුංචි ඡන්දෙට උනන්දුව හොඳටම මදි

පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවසීය. මේ තත්වය මත ඡන්දය ප්‍රකාශ වීමේ යම් අඩුවක් ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇති බවද ඔහු සඳහන් කළේය.

සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවලදී වෙනත් ප්‍රධාන මැතිවරණවලදීමෙන් නොව ඡන්දය ප්‍රකාශ වන්නේ සියයට 50ත් 60ත් අතර සංඛ්‍යාවක් බව සඳහන් කරන හෙට්ටිආරච්චි මහතා මැතිවරණ ප්‍රචාරක කටයුතු පුළුල් ආකාරයට සිදු නොවීම, මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීම අපේක්ෂකයන් ආධාරකරුවන් විශාල පිරිස් රැස්කරගෙන ගමන් නොකිරීම වැනි හේතු කාරණාද ඡන්දය ගැන උද්යෝගය හීන වීමට ප්‍රධාන හේතුවක් බවද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මැතිවරණය ආසන්න වෙද්දී උද්යෝගය මීට වඩා යම් තරමකට වැඩිවිය හැකි බව ඔහු පෙන්වා දෙයි.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාර කටයුතු ආරම්භ වූ දින සිට මේ දක්වා කිසිදු බරපතළ සිද්ධියක් වාර්තා වී නොමැති බව ෆැෆරල් සංවිධානය පවසයි.

පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීමදා මැතිවරණ නිරීක්ෂකයන් 4000ක පමණ පිරිසක් රට පුරා යෙදවීමට පියවර ගෙන ඇත

(සුජිත් හේවාජුලිගේ )
-lankadeepa

Leave a Comment

Powered by Blogger.