Header Ads

Breaking News
recent

උගන්ඩාවෙ තියෙන මගෙ සල්ලි ගේනතුරු ආණ්ඩුව පස්සෙ පන්නනවා - නාමල්

ආණ්ඩුවට ඉදිරි අවුරුදු පහේ කිහිප දෙනෙකු හිරේ දමා තව තවත් බොරු කියමින් කාලය ගත කිරීමට ඉඩ නොතබන බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුව ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටු කරන තුරු ආණ්ඩුව පිටුපස පන්නන බවයි.

ආණ්ඩුව මේ වන විට හොරු අල්ලන පනතක් ද සම්මත කරගෙන ඇති බවත් උගන්ඩාවේ ඇතැයි කී තමන්ගේ සල්ලි ගෙනෙන තුරු ආණ්ඩුව පස්සේ යන බවත් බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළාත් පාලන මැතිවරණ ජන හමුවක් අමතමිනි.


No comments:

Powered by Blogger.