Header Ads

Breaking News
recent

ඉන්දු-ලංකා ගිවිසුමෙන් ඉන්දීය අවි ගබඩාවක් ලංකාවට... ඉන්දීය මාධ්‍ය වාර්තා!

ඉන්දීය යුධ අවි කර්මාන්තශාලා සහ අවි ගබඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට ‍ශ‍්‍රී ලංකාව ඉන්දියාව සමග ආරක්‍ෂක ගිවිසුමකට එළැඹ ඇති බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරන්නේ යයි දේශපාලන විචාරක දයාන් ජයතිලක මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ අත්සන් කළේ අවබෝධතා ගිවිසුමක් බවට ශ්‍රී ලංකාව පාර්ශවයෙන් පැවසුවත් ඉන්දියානු මාධ්‍ය ඒ ගැන වාර්තා කරන්නේ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කල ලෙස බවට යයිද එ් මහතා පවසයි.

ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් ලෙස සිටිය යුතුව බවත් ඉන්දියාව චීනය හෝ ඇමරිකානුවේ පාර්ශවයක් ලෙස කටයුතු නොකළ යුතු බවත් පැවසූ ඔහු ශ්‍රී ලංකාව ඉන්දියාවේ ප්‍රාන්ත රාජ්‍යයක් නොකළ යුතු බවද කියා සිටී.

පවතින තත්වය යටතේ මෙරට ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මහ ඇමති කෙනෙක් බවට පත්වෙමින් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

හිරු නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Powered by Blogger.