Friday, August 15 2025

Header Ads

හල්ලොලුවට වෙඩි තැබීම – පොලිසිය අධිකරණයට විමර්ශන ප්‍රගතිය වාර්තා කරයි!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධිය සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ක්‍රියාත්මක කරන බව බී වාර්තාවක් ඉදිරිපත් කරමින් අද (20) පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

පොලිසිය සඳහන් කළේ සියලු දුරකථන සමාගම්වලින් දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා ඇති බවය. ඒ ඔස්සේ පුලුල් විමර්ශනයක් ක්‍රියාත්මක බවත් ආරක්ෂක කැමරා දර්ශන පරික්ෂා කිරීමේ කටයුතු වෙනුවෙන් කණ්ඩායම් හතරක් යෙදවිමට කටයුතු කර ඇති බවත් විමර්ශන අංශ අධිකරණයට කරුණු වාර්තා කළේය. ඔවුන් දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු අංශ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බවය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වරයා වූ තුසිත හල්ලොලුව ගමන් ගත් මෝටර් රථයට පසුගිය සෙනසුරාදා මෙම වෙඩි ප්‍රහාරය එල්ල වි තිිබිණි. වෙඩි තැබීමට ලක් වූ අවස්ථාවේ දි තුසිත හල්ලොලුවගේ වැදගත් ලිපිගොනුවක් වෙඩි තැබීමට පැමිණි පුද්ගලයින් විසින් පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කීවේය.

සිද්ධියෙන් කිසිම අනතුරක් තුසිත හල්ලොලුවට සිදුවූයේ නැතත් පුද්ගලික රෝගි තත්ත්වයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි ඔහු මේ වනවිට රෝහලෙන් පිට වී ගොස් තිබේ.

Leave a Comment

Powered by Blogger.