Header Ads

Breaking News
recent

ඇමති කෙනෙක් කෝටි හයක ගෙයක් කෝටියකට ලියාගෙන.. මාලිමා මන්ත‍්‍රිවරියක් සාක්‍ෂි අත්සන් කරලා..

හොරකම වංචාව අල්ලස දූෂණය එදාට වඩා අද සිදුවෙන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සඳහන් කරයි. අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන රජයේ අමාත්‍යවරයෙක් ලක්ෂ 600ක නිවසක් ලක්ෂ සීයක මුදලකට ලියාගෙන ඇතැයි ද හෙතෙම කියා සිටී.

ඒ අනුව අයථා දේපළ උත්පාදන පනත යටතේ පළමු පැමිණිල්ල මෙම ආණ්ඩුවේ අමාත්‍යවරයකුට එරෙහිව ගොනු කරන බවද හෙතෙම පැවසුවේය.

මේ සඳහා මුදල් ගෙවා ඇත්තේ වෙළඳ අමාත්‍යංශයට සම්බන්ධ ආයතනයක් බවත් ඔප්පුවට අත්සන් තැබීමටද පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ගොස් ඇති බවටද හෙතෙම චෝදනා කළේය.

ජන හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
-lankacnews

No comments:

Powered by Blogger.