Sunday, November 16 2025

Header Ads

මහින්ද, බැසිල්, රනිල් මැදිහත්වෙයි.. යම් නඩු ප්‍රමාණයක් ඉවතට!

නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීන තාවය මේ වෙනකොට සියයට සියයක් සහතික කරලා තියෙන බව සත්‍ය සහ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් නානායක්කාර සඳහන් කරයි.

පසුගිය කාලයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂගේ මැදිහත්වීම මත සැලකිය යුතු නඩු ප්‍රමාණයක් යම් යම් හේතුන් මත ඉවත් කරගෙන තිබෙන බවද නීතීඥ මනෝජ් නානායක්කාර සඳහන් කරයි.

නීතීඥ මනෝජ් නානායක්කාර සඳහන් කළේ,

“අද වෙනකොට අපි දන්නවා කිසිම විනිශ්චයකාරවරයෙක්ට රජයේ කිසිම ඇමති කෙනෙක් දුරකථන ඇමතුමක් දෙන්නේ නෑ. ඒක පැහැදිලියි. ඒකෙන් කියවෙන්නේ නීතියේ පාලනය, අධිකරණයේ ස්වාධීන තාවය මේ වෙනකොට සියයට සියයක් සහතික කරලා තියෙනවා.

එනිසා දැන් අපි කියන්නේ මේ නඩුව අපියි දැම්මේ, මේ නඩුව අපේ කාලයේ කරේ, බයිලා ගහන්න එපා. මහින්ද රාජපක්ෂලා, බැසිල් රාජපක්ෂලා එයාලගේ මැදිහත් වීම ඇතුලේ, ඊට අමතරව රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීම ඇතුලේ සැලකිය යුතු නඩු ප්‍රමාණයක් පහුගිය කාලයේ යම් යම් හේතුන් මත ඉවත් කරගෙන තියෙනවා.

ඒවා අධිකරණයේ ප්‍රශ්න නෙමෙයි. ඒවා නඩු පවරපු ආයතනවල ප්‍රශ්න. හැබැයි දැන් ඒ නඩු පවරපු ආයතනවලට කොන්ද කෙලින් තියාගෙන නීතියට අනුව වැඩ කරන්න නිදහස් පරිසරයක් නිර්මාණය කරලා තියෙනවා.”

කුරුණෑගල පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ මනෝජ් නානායක්කාර මේ බව සඳහන් කරයි.


Leave a Comment

Powered by Blogger.