Header Ads

Breaking News
recent

අර්ජුන මහේන්ද‍්‍රන් නම මාරු කරලා... යම් අවුලක් තියෙනවා - ජනපති

අර්ජුන ඇලෝසියස් දැන් සිංගප්පූරුවේ සිටින්නේ සිය නම වෙනස් කරමින් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ බව මේ වන විට සොයාගෙන ඇති බවද මේ හේතුවෙන් යම් නීතිමය ප්‍රශ්නයක් පැන නැගී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කර ඇති බවද ඒ මහතා පැවසුවේය.

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ස්වර්ණවාහිනී නාලිකාව සමග පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

‘අර්ජුන ඇලෝසියස් නම මාරු කරලා දැන් ඉන්නේ සිංගප්පූරුවේ. ඔහු සිංගප්පූරු පුරවැසියෙක්. එනිසා නීතිපති දෙපාර්තමේන්තුවෙන් අපිට දැනුම් දීලා තියෙනවා යම් නීතිමය ප්‍රශ්නයක් පැන නැගිලා තියෙන බව. අපි ඒක නිරාකරණය කර ගැනීම සඳහා උත්සාහ කරනවා. අපි නැවත දැනුම් දුන්නා අර්ජුන මහේන්ද‍්‍රන් නම මාරු කරලා තියෙන බව’


No comments:

Powered by Blogger.