Sunday, November 16 2025

Header Ads

තුසිත, හල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ පරීක්ෂණ CCDයට බාරදෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ. වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී ඊයේ (17) රාත්‍රියේ මෙම වෙඩි තැබීමක් සිදුකර තිබිණි.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොතිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව ද වාර්තා වේ.

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇත.

Leave a Comment

Powered by Blogger.