Header Ads

Breaking News
recent

වෙන රටවලින් රෙදි ගෙනැත් ඇදුම් මසා ඇමරිකාවට වික්කොත් තව ලොකු බද්දක්…- ඇමරිකාව ලංකාවට දන්වයි..

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පනවන ලද 54%ක් වූ ඉහළ තීරු බදු සදහා සහනයක් ලබා දිය හැකි බව එරට විසින් මෙරටට දන්වා ඇති බව වාර්තා වෙයි.
නමුත් චීනයෙන් හෝ වෙනත් රටකින් ආනයනය කරන ලද රෙදිපිළිවලින් ලංකාවේදී ඇගළුම් නිෂ්පාදනය කර ඇමෙරිකාවට අපනයනය කිරීමේදී ඉහළ තිරූ බද්දක් පැනවීමට සිදුවනු ඇති බවද සඳහන් කර තිබේ.

ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡා අතරතුර ඇමෙරිකා නියෝජිතයන් විසින් මේ බව දැනුම් දී ඇති බව සඳහන් වෙයි.

ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවන ලද තීරු බදු ඇමරිකානු වාණිජ අධිකරණයක් විසින් අත්හිටුවන ලදුවද ඊට පසු දිනම ඇමරිකානු අභියාචනාධිකරණ විසින් යළි එම තීන්දුව අත් හිටුවමින් තීරු බදු බලාත්මක කිරීමට කටයුතු කරන ලදී.

No comments:

Powered by Blogger.