හරීන් අල්ලස් කොමිසමට කැඳවයි… පැය 03ක ප්‍රකාශයක් ගනී!
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ (18) පස්වරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය.
විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයේ සිදු වූ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකට අදාළව සාක්ෂි ලබා දීම සඳහා ඔහුට කැඳවීමක් කර තිබුණි.
යහපාලන රජය සමයේ හරීන් ප්‍රනාන්දු විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ධුරය දැරීය.
අල්ලස් කොමිසම තහවුරු කළේ ඔහු එම පරිශ්‍රයෙන් පිටව යාමට පෙර පැය තුනකට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන් බවය.

No comments: