Header Ads

Breaking News
recent

ප්‍රේමලාල් ජයසේකරට වැඩ වරදී... මරණ දඬුවම?

මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31) දින අවසර ලබා දුන්නේය.

එම සිද්ධියෙන් අගතියට පාර්ශවය විසින් අදාල අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණ අතර ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එම පෙත්සම සලකා බැලීය.

එම පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් පෙත්සම් විභාගය පෙබරවාරි මස (13) වනදා දක්වා කල් තැබිණි.

පසුගිය 2015 වසරේ ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේනගේ කහවත්තේ පැවති දේශපාලන රැලියකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ශාන්ත දොඩංගොඩ නමැත්තෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට මරණීය දණ්ඩනය නියම වී සිටියේය.

No comments:

Powered by Blogger.