Header Ads

Breaking News
recent

මගේ ගෙදරට වෙඩි තිවුවේ පක්‍ෂයෙන්මදැයි සැකයි..- වැලිගම මාලිමා මන්ත‍්‍රීගේ හඬ පටයක් එලියට!

තම නිවසට වෙඩි තබන ලද්දේත් පක්ෂයෙන්දැයි තමන්ටද සැකයක් පවතින බව වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේග මන්ත්‍රී තාරක නානායක්කාර මහතා සඳහන් කල බව කියන හඬ පටයක් සමාජ ජාලවල හුවමාරු වෙමින් ඇත.

පසුගියදා තම නිවසේ ගේට්ටුවට වෙඩි තැබීම සම්බන්ධයෙන් වික්‍ෂ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර සමඟ දුරකථනයෙන් සංවාදයක යෙදෙමින් හෙතෙම මෙම අදහස් පළ කර ඇත.

ඇතිව තිබෙන තත්වයන් මත තමන් විසිහතර වන දා පැවැත්වෙන සභා වාරයට පැමිණෙන්නේද යන්න පවා තීරණයක් කර නැති බවත් හෙතෙම කියා සිටියි.

එම වෙඩි තැබීමෙන් පසු තම පවුලේ සාමාජිකයන් භීතියට පත්ව සිටින බවත් දැන් මේ මොහොතේ ද සිටින්නේ නිවසේ නොවන බවත් මන්ත‍්‍රීවරයා එහිදී තව දුරටත් සදහන් කර ඇත.


No comments:

Powered by Blogger.