Header Ads

Breaking News
recent

‘ගෝඨාගෝගම’ අරගලයේදී ගිනි තැබූ ගෙවල්වලට ගෙවූ වන්දි ආපසු ගන්න නඩු දමයි

ගාලුමුවදොර පිටියේ ‘ගෝඨා ගෝ ගම’ අරගලයට පහරදීමෙන් පසු රටපුරා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලදී නිවාස සහ දේපළවලට සිදුවූ හානි වෙනුවෙන් හිටපු මැති ඇමතිවරු පිරිසකට පසුගිය රජය විසින් නීති විරෝධී ලෙස මහජන මුදල් වන්දි වශයෙන් ගෙවා ඇති බවට ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් නොවැම්බර් 13 වන දින සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

ආචාර්ය නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා විසින් ගොනු කරන ලද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත්තේ, මෙම වන්දි ගෙවීම් වලදී මහජන මුදල් අවභාවිතා වී ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර, නීති විරෝධී ලෙස ගෙවා ඇති මුදල් නැවත අයකර ගැනීමට නියම කරන ලෙසයි.

මහින්ද සමයවර්ධන සහ සෝභිත රාජකරුණා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

No comments:

Powered by Blogger.