Header Ads

Breaking News
recent

පාස්කු ඉරු දින ප්‍රහාරය මාලිමාවට බූමරංගයක් වෙලා - කේ. ඩබ්. ජනරංජන

බලය අල්ලා ගැනීම සඳහා භාවිත කළ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ මාතෘකාව ජාතික ජන බලවේගයට ද බූමරංගයක් වී ඇතැයි 'අනිද්දා 'පුවත්පතේ ප්‍රධාන කර්තෘ නීතිඥ කේ. ඩබ්ලියු. ජනරංජන පැවසී ය. ඔහු මෙම අදහස් පළ කළේ  youtube නාලිකාව තුළ කළ අදහස් දැක්වීමක දී ය.

එම අදහස් දැක්වීමේ දී ජනරංජන අවධාරණය කළේ ජනාධිපතිවරණ සමයේ ජාඇළ පැවති රැස්විමක දී 'අපිව බලයට පත් කළ හොත් ඉතා ඉක්මනින් ම පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු අය නීතිය ඉදිරියට ගෙන එනවා' යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසූ බව යි.

එදා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක වැඩි දුරටත් කරුණු ඉදිරිපත් කරමින් ඉතා ම සරල ප්‍රශ්න හයකට පිළිතුරු සොයාගන්නේ නම් පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තන් කවුදැයි පැහැදිලි කරගත හැකියැයි පැවසූ බව අවධාරණය කළ ජනරංජන එම කරුණු හය ද ඉදිපත් කළේ ය.  

මතු පළවන්නේ ඔහු ඉදිරිපත් කළ සම්පූර්ණ කරුණු අන්තර්ගත වීඩියෝව යි.

No comments:

Powered by Blogger.