දරුවකු සමග හයර් යන්න ඇවිත් ත්‍රී වීල් උස්සලා | Tuk Tuk
දරුවකු සමග හයර් යන්න ඇවිත් ත්‍රී වීල් උස්සලා
කුඩා දරුවෙකු වඩාගෙන කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ පැහැරගැනීමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයෙකු ලබන අගෝස්තු මස 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස හොරණ මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා පසුගිය 25 වනදා නියෝග කළේය.
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ කලවාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන මොරගහහේන පොලීසිය වෙත භාරදීමෙන් පසු සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සැකකරුවන්, වයස අවුරුදු එකහමාරක් පමණ වන ළදරුවෙකු යොදාගනිමින් රියදුරන්ගේ අනුකම්පාව දිනාගෙන කුලී ගමන් සඳහා පොළඹවා ගන්නා බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. කොට්ටාව සහ මහරගම ප්‍රදේශවලින් කුලී ගමන් ලෙස පැමිණ, මොරගහහේන, යහළකැලේ ප්‍රදේශයේදී රියදුරන්ට පහරදී ත්‍රිරෝද රථ දෙකක් පැහැරගෙන ගොස් ඇති බවට අධිකරණයේදී කරුණු හෙළිවිය. එක් අවස්ථාවකදී රියදුරුට මිරිස් කුඩු ප්‍රහාරයක්ද එල්ල කර තිබේ.
අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින මෙම සැකකරුවන්, පැහැරගන්නා ත්‍රිරෝද රථ විකුණා එම මුදල් මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා යොදවන බව පොලීසිය පවසයි. පැවැත්වූ හඳුනාගැනීමේ පෙරෙට්ටුවේදී, අදාළ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනාම සැකකරුවන් නිවැරදිව හඳුනාගෙන ඇති අතර, මොරගහහේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments: