Header Ads

Breaking News
recent

සමාගමකට අක්කර 600ක් දෙන්නැයි ඇමතිවරයෙකු ඉඩම් කොමසාරිස්ට දන්වයි!

ආණ්ඩුවේ ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් පුද්ගලික සමාගමට කෘෂිකාර්මික ව්‍යාපෘතියක් සඳහා පුත්තලම දිස්ත්‍රික්කයේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුවල කරන්දිකුවෙල් ග්‍රාම සේවා වසමේ කජුගහවත්ත හෝ ඉලන්නවත්ත යන ඉඩම් කොටස් වලින් අක්කර 600ක පමණ ඉඩමක් වෙන් කර දෙන ලෙස අමාත්‍යවරයා විසින් ලිඛිතව ඉල්ලා ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවත් අමාත්‍යවරයා විසින් අදාළ ව්‍යාපෘති වාර්තාව ද මෙම ලිපිය සමඟ ඉදිරිපත් කරමින් සදහන් කර තිබේ.

සමාගමේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට අනුව මෙම කටයුත්ත සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

No comments:

Powered by Blogger.