Header Ads

Breaking News
recent

අපි දෙපැත්තක හිටියට වෛරයක් තිබුණේ නෑ... අපි කතා කරනවා - රනිල්

අපි දෙපැත්තක සිට දේශපාලනය කළද අපි අතර පෞද්ගලික වෛර තිබුණේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.

අභාවප්‍රාප්ත ලොහාන් රත්වත්තේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ,

“ලොහාන් රත්වත්තේ මැතිතුමා මම ඒ කාලෙ ඉදන්ම දන්නවා. අනුරුද්ධ ඇමතිතුමා හිටපු කාලෙදී. අපි දෙපැත්තක හිටියේ. අපි දෙපැත්තෙ ඉඳන් දේශපාලනය කළා. නමුත් අප අතර ‌පෞද්ගලික වෛරයක් තිබුණේ නෑ. අපි එක්ක කතා කරනවා.

ඒ වගේම එතුමා මා ජනාධිපති සමයේ එතුමා වැවිලි ක්ෂේත්‍රයේ ඇමතිවරයා ලෙස කටයුතු කළා. ඒ වැඩකටයුතු හොඳට කළා. මගේ ආසනය ගැන උනන්දුවක් දැක්වුවා. එතුමාට හොඳ දේශපාලන අනාගතයක් තිබුණා. නමුත් දෛවයේ හැටි මේක තමයි.”

No comments:

Powered by Blogger.