කොමර්ෂල් බැංකුව දැඩි අනතුරක! රුපියල් කෝටි 600ක් හැකරුන් ඇදලා!
මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් වන කොමර්ෂල් බැංකුවේ නිල වෙබ් අඩවිය වන කොම් බෑන්ක් ඩිජිටල් වෙබ් අඩවියට සමානව සකස් කරන ලද වෙබ් අඩවි ගණනාවක් මගින් පුද්ගලයන් රැවටීමකට ලක්කර රුපියල් කෝටි 600 කට අධික මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (03) දන්වා සිටියේය.
මෙම මහා පරිමාණ මුදල් වංචාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කළේය.
අදාළ වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
සංවිධානාත්මක සයිබර් අපාධකරුවන් පිරිසක් විසින් අදාළ පුද්ගලික බැංකුවේ වෙබ් අඩවියට සමාන වෙබ් අඩවි සකස් කරමින් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කර ඇත්දැයි සෙවීමට විමර්ශන පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ නිලධාරීන් එහිදී දන්වා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.
මූලාශ්‍රය – අරුණ

No comments: