Header Ads

Breaking News
recent

මට රනිල්ගේ ලකුණු එපා... මාව තුන් පාරක් හිරේ දැම්මා!

තමන්ට රනිල් වික්‍රමසිංහගේ ලකුණු අවශ්‍ය නැති බවත් ලකුණු දාගන්න ඕනි නම් එතුමා ජනාධිපති කාලේ ලකුණු දාගන්න තිබු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේ,

“මට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ලකුණු වැඩක් වෙන්නේ නෑ. ලකුණු දාගන්න ඕනි නම් එතුමා ජනාධිපති කාලේ ලකුණු දාගන්න තිබ්බා. හැබැයි අපි ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන්නේ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මාව තුන් පාරක් හිරේ දැම්මා. හැබැයි එතකොට මාව හිරේ දානකොට ඒ හදපු FCID එක, ඒ හදපු ක්‍රමවේදය දේශපාලන පළිගැනීමක් නම් ඒ විදිහටම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා හිරේ දානකොටත් ඒක දේශපාලන පළිගැනීමක්.

ඒ හින්දා දේශපාලන පළිගැනීමට ලක් වෙන්නේ වෘත්තීය සමිති ද, රණවිරුවෝ ද, පුරවැසියන් ද, හිටපු ජනාධිපතිවරයෙක් ද, දේශපාලන පක්ෂ ද කියන කාරණය අදාළ වෙන්නේ නෑ.

අපි විශ්වාස කියන ප්‍රතිපත්තියේ අපි ඉන්නවා. ඒ හින්දා අපි ඒ වෙලාවෙත් විශ්වාස කෙරුවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඒ නගපු චෝදනා සහ ඒ ක්‍රමවේදය වැරදියි කියලා. ඒ වෙනුවෙන් පෙනී හිටියා.”

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ බව සඳහන් කරයි.

No comments:

Powered by Blogger.