Header Ads

Breaking News
recent

ළූණු මැනිල්ල අවුලක සතොස සභාපති ඉල්ලා අස්වෙයි.


ළූණු මැනිල්ල අවුලක
සතොස සභාපති ඉල්ලා අස්වෙයි.


ලංකා සතොස ආයතනයේ සභාපතිවරයා ඉල්ලා ඇති බවට ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.

එහි නායක අසේල සම්පත් මහතා සඳහන් කරන්නේ සතොස ආයතන විසින් ලොකු ළුනු මිලදීගන්නා ක්‍රමවේදය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් මත ඔහු මෙම පියවර ගෙන ඇති බවයි.

මෙම තොරතුරු සත්‍ය නම් ඉතා සතුටු වන බවත් මේ මේ ආකාරයේ මෝඩ තීන්දු ගත් නිසා රජය දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් හෙතෙම පැවසීය.

රජය විසින් ලොකු ළූණු මිලදීගැනීම සඳහා සිදුකරමින් තිබෙන නව ක්‍රමවේදය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

No comments:

Powered by Blogger.