Header Ads

Breaking News
recent

පරිවාස භාරයේ සිටි දැරියන් දෙදෙනෙකු ලිංගික අපරාධ කිරීමේ චෝදනාවට දෙහිඅත්තකන්ඩිය පරිවාස නිළධාරියා අත් අඩංගුවට…

අම්පාර දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ළමා නිවාසයක සිටි 15 හැවිරිදි දැරියන් දෙදෙනෙකු දුෂණය කල පරිවාස නිළධාරියෙකු අම්පාර දිස්ත්‍රික්කයේ ළමා සහ කාන්තා කාර්යංශය සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශණ කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අම්පාර දිස්ත්‍රික් ළමා හා කාන්තා කාර්යංශයට ලැබුනු තොරතුරක් අනුව අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපති කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ සහ අම්පාර විශේෂ අපරාධ විමර්ශන කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය යන නිළධාරින් විසින් පසුගියදා ( 03 ) රාත්‍රියේදී මහියංගණය ප්‍රදේශයේදි සැකකරු අත්අඩංගුවට ගත් බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිඅත්තකන්ඩිය රිදීඇල ප්‍රදේශයේ පදිංචි, අවුරුදු 35 ක් වයසැති පුද්ගලයෙකි. ඔහු දෙහිඅත්තකන්ඩිය පරිවාස කාර්යාල‍යේ පරිවාස නිලධාරිවරයා ලෙස රාජකාරිය කටයුතු කරන බවද පොලිසිය පවසයි.

දැනට කරන ලද විමර්ශණ වලදි මෙම පුද්ගලයා විසින් එක දැරියක් ලිංගිකව දුෂණය සිදුකර ඇති අතර අනෙක් දැරිය ලිංගික අපයෝජනයට ලක්කර ඇත.

ලිංගික හිංසනට වු දැරිය ම් පිලිබඳව තම මිතුරියටකට පවසා ඇති අතර ඇය හරහා නිවාස පාලිකාව දැනුවත් වි තිබේ.

පසුව නිවාස පාලිකාව විසින් දෙහිඅත්තකණ්ඩිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය වෙත පැමිණිල්ලක් ගොනු කර ඇත. විමර්ශන ආරම්භ වී ඇත්තේ ඒ අනුවය.

පොලිසිය විසින් පරික්ෂණ ආරම්භ කිරිමෙන් පසුව සැකකාර පරිවාස නිළධාරියා ප්‍රදේශය මගහැර සිටි අතර 03 රාත්‍රියේදි මහියංගණය ප්‍රදේශයේදි ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්විය.

සැකකාර පරිවාස නිලධාරියා ඊයේ ( 04 ) දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිතිඥ වරුණ ජයසුන්දරගේ නියමය පරිදි අම්පාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල ගේ නියෝගය අනුව.අම්පාර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් කුමාර මහතාගේ සම්බන්ධිකරණය යටතේ .මහඔය කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරි සුමිත් ප්‍රියන්ත බංඩාරගේ මෙහෙයවීමෙන් අම්පාර කොට්ඨාස කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දයානි ගමගේ අම්පාර විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සෞම්‍ය බාලසුරිය දෙහිඅත්තකණ්ඩිය පොලිස් කාන්තා කාර්යංශයේ ස්ථානධිපතිනිය කාන්තා උප පොලිස් පරීක්ෂක චන්ද්‍රිකා ඇතුළු කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Department of Probation and Child Care Services

No comments:

Powered by Blogger.