Header Ads

Breaking News
recent

නාමල් ඇතුළු බයි ටොයි ඔක්කොම මාර්තු 8 දිනය වෙන් කරගන්න!

රාජපක්ෂ පවුලම හිරේ යන්න ඉන්න බවත් ඔවුන් රට බංකොලොත් කරලා, හොරකම් කරපු දේශපාලන අපරාධකාරයෝ බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක ඊයේ (06) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ,

“පවුලම හිරේ යන්න ඉන්නේ රාජපක්ෂ. පට්ට හොරු. අද මෙතන ඇවිල්ලා මාර දෙවිවරු වගේ කතා කරන්නේ. රාජපක්ෂලා කියන්නේ කවුද.? මේ මාතෘභූමිය බංකොලොත් කරලා, හොරකම් කරලා ජාතිය දීන භාවයට පත් කරපු දේශපාලන අපරාධකාරයෝ.

ආර්ථික ඝාතකයෝ කියලා ශ්‍රේෂ්ඨාධිකරණ⁣යෙන් වැරදි වෙච්ච දෙන්නෙක් ඉන්නවා රාජපක්ෂ පවුලේ. මට මතක විදිහට දෙන්නෙක් ඉන්නවා. ආර්ථික අපරාධකාරයෝ. අද බැසිල් රාජපක්ෂ නඩුවට එන්නෑ.

ඉතින් නඩුවට ඇවිල්ලා පුළුවන් නේ ඔප්පු කරන්න එයාගේ, මොකද ග්ලෝබල් රෑන්ක් වලත් උඩට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එක්කන් එන්න එපැයි බාප්පාව නඩුවට. නඩුවෙන් හැංගෙනවා. බොරු කියනවා. හොරකම් කරනවා.

රට බංකොලොත් කරා. එහෙම කතා කරලා ලංකාවේ අභිමානය ගැන කතා කරනවා. ලංකාවේ අභිමානය සන්ග්ලාස් වලින් තමයි ඒගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා අභිමානය ගේන්නේ ලෝකය ඉස්සරහා ජාත්‍යන්තර වශයෙන් ලංකාවට තියෙන තැන අනුව.”

“මේ දේශපාලන අපරාධකරුවෝ. සමහර විට පාස්කු ප්‍රහාරයේ බොහෝ දුරට ඒකේ ඝාතකයන්ගේ මුලික මහමොළකරු. මෙන්න මේ දේශපාලන අපරාධකරුවෝ අද චැනල් හයිය අරගෙන මෙතන බොරු හදනවා.

පොල් වතුවල චුටි ගස් පහක් විතර තියෙන තැනකට ගිහිල්ලා රැස්වීමක් කරලා, ඒක දාලා පෙන්නවා අම්මෝ දහදාහක් විතර. මාර්තු (08) වැනිදා නාමල් රාජපක්ෂ ඇතුළු ඔය බයි ටොයි ඔක්කොම නඩේට කියනවා බලන් ඉන්න කියලා. දිනය වෙන් කරගන්න මාර්තු (08)ට.”
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.