Header Ads

Breaking News
recent

ජනපති, අගමැති හා විපක්ෂනායකවරයාගෙන් ජාතික නිදහස් දින පණිවිඩ!

අද (04) දිනට යෙදෙන 78වැනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අගමැති හරිනි අමරසූරිය මෙනෙවිය හා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නිදහස් දින පණිඩිඩ එක්කර තිබේ.

පොහො­සත් රටක්-ලස්සන ජීවි­ත­යක් ගොඩ­නැ­ඟී­මට අත්වැල් බැඳ­ග­නිමු – ජනපති

ගෙවුණු සිය­වසේ මඟ­හැ­රුණු ජය­ග්‍ර­හණ මෙර­ටට අත්කර දෙමින් සියලු දෙනා එක්ව දකින සුන්දර සිහි­නය වන “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” ගොඩ­නැ­ඟීම සඳහා එක­මු­තුව, තිර අදි­ට­නින් සහ සහෝ­ද­ර­ත්ව­යෙන් අත්වැල් බැඳ ගනිමු යැයි ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සියලු පුර­වැ­සි­යන්ට ආරා­ධනා කර සිටියි.

78 වැනි ජාතික නිද­හස් දිනය වෙනු­වන් පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් ජනා­ධි­ප­ති­ව­රයා පවසා ඇත්තේ, මෙවර නිද­හස් දිනය සම­රනු ලබන්නේ අභි­යෝග රැසක් මධ්‍යයේ වුවද රට ආර්ථික වශ­යෙන් ස්ථාව­ර­භා­ව­යක් අත්පත් කර ගනි­මින් ඉදි­රි­යට යමින් සිටින ඓති­හා­සික මොහො­තක බවය.

රටේ ජන­තාව අපේක්ෂා කරන දියුණු, ඉසු­රු­මත් සහ යහ­පත් රටක් ලෙස ශ්‍රී ලංකාව ගොඩ­නඟා, ඔවුන් ප්‍රාර්ථනා කරන නව යුගය නියත වශ­යෙන්ම නිර්මා­ණය කළ හැකි බවට තමා සතුව ඇත්තේ අචල විශ්වා­ස­යක් බව ද හෙතෙම එහි දක්වා ඇත.

සමස්ත ජාතියේ උන්න­තිය වෙනු­වෙන් කැපවෙමු – අගමැති

පටු දේශ­පා­ලන අර­මුණු පසෙ­කලා සමස්ත ජාතියේ උන්න­තිය වෙනු­වෙන් අපි සිය­ලු­දෙ­නාම අත්වැල් බැඳ­ගත යුතු යුගය ඇරඹී තිබෙන බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙනෙවිය පවසයි.

78 වැනි ජාතික නිද­හස් දිනය වෙනු­වෙන් නිවේ­ද­න­යක් නිකුත් කර­මින් අග­මැ­ති­නිය එසේ සඳ­හන් කර තිබේ.

සැවොම එකට එකතු වී රට ගොඩගනිමු – විපක්ෂනායක

එකට එකතු වී නිද­හස ලැබුවා සේ ‘එකට එකතු වී රටත් ගොඩ ගනිමු’ යැයි නිද­හස් දිනය නිමි­ත්තෙන් සුබ පැතුම් එක්ක­ර­මින් ශ්‍රී ලංකා පාර්ලි­මේ­න්තුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා ප්‍රකාශ කරයි.

ගෙවී ගිය වසර 78ක කාලය තුළ අග­ති­ගාමී නොවී රට පිළි­බඳ විමසා බැලු­ව­හොත් අප ලැබූ ජය­ග්‍ර­හණ රැසක් මෙන්ම පසු­බෑම් රැසක්ම හඳුනා ගැනී­මට හැකි ය. ඒවා පිළි­බඳ විචා­ර­ශී­ලීව විමසා බල­මින් වර්ත­මා­නයේ කට­යුතු කිරීම යහ­පත් අනා­ග­ත­ය­කට පද­න­මක් සැක­සී­මට හේතු වන බව සැම වටහා ගැනීම අත්‍යවශ්‍ය වූවක් බව ද එම පණි­වි­ඩයේ සඳ­හන් කර තිබේ.

No comments:

Powered by Blogger.