පාසල් මිදුලේ පාසලේ අධ්‍යක්ෂවරයෙකුගේ රියට යටවී කුඩුපට්ටම්ව මිය ගිය හත් හැවිරිදි පොඩි එකාගේ අවසන් හුස්ම ගිලිහුණ පසු!
පාසල යනු දරුවන් වඩාත්ම සුරක්ෂිත තැන බව අපි විශ්වාස කරමු. තමන්ගේ ඇස් දෙක මෙන් නිවසේ රක්ෂා කරගන්නා දරු පැටවා පාසලට ගෙන ගොස් ඇරලවන සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම සිටින්නේ ඒ පූර්ව විශ්වාසයෙනි. මහනුවර දී ඊයේ (12) ඒ ගැඹුරු විශ්වාසය කුඩු වී ගියේය.
සත් හැවිරිදි දරුපැටවෙක් පාසලේ අධ්‍යක්ෂවරයෙකුගේ වගකීම් රහිත හැසිරීම නිසා එම අධ්‍යක්ෂවරයාගේම වාහනයට යට වී පාසල තුළදී බරපතල තුවාල ලබා මිය ගියේය.
මේ වනවිට රටම හඬවන එම සිද්ධිය වාර්තා වන්නේ මහනුවර ප්‍රසිද්ධ ජාත්‍යාන්තර පාසල් පරිශ්‍රයකිනි. මේ අවසානාවන්ත ඉරණමට ලක් වී අවසන් ගමන් ගිය හත් හැවිරිදි පොඩි එකා රවිඳු කුමාරගේ ය.
අනතුර සිදුවූයේ කෙසේද?
දහවල් 11 ට පමණ පාසල් විවේක කාලය ආසන්නයේදී, පොඩි එකා පාසලේ ජල කරාමයකින් දෑත් සෝදමින් සිට තිබේ. දිවා ආහාර ගැනීමේ අභිලාෂයෙන් අත් සෝදමින් සිටි මේ නොදරුවා අධ්‍යක්ෂවරයාගේ වාහනයට යට වී කුඩු පට්ටම් වී යන ආකාරය ඇසින් දුටුවෝ අප සමග කීහ. ඒ සමගම පාසලේ තවත් නොදරුවෙක් එම වාහනයට යට වී තිබිණි.
අනතුරින් තුවාල ලද කවිඳු කුමාරගේ දරු කැකුළු අවසන් ගමන් ගියේය. අනෙක් දරුවා තුවාල ලබා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේය. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග අපට කීවේය.
මතභේදයට තුඩුදුන් “රියදුරු අසුන”
තම පාසල තුළ තමන් විසින්ම යටකර නොදරුවෙක් මරණයට පත් කළ පසු පාසලක අධ්‍යක්ෂවරයෙකුට සිදුවූ ව්‍යසනය ගැන පිළිගැනීමට හෘද සාක්ෂියක් තිබිය යුතුය. එහෙත් අප දකින්නේ තමන් අතින් සිදුවූ වරද අපරාධයක් සේ අපට හැඟෙන පරිදි මේ අධ්‍යක්ෂවරයා මිනිසෙක් ලෙස නොකළ යුතු ලෙස මුසාවාද ඇදහැරීමය.
අධ්‍යක්ෂවරයා පොලිසියට පවසා පවසන්නේ රියදුරු සමග වාහනයෙන් පැමිණ කාර්යාලය අසලින් වාහනයෙන් බැස කාර්යාලය වෙත යමින් සිටි අවස්ථාවේ රියදුරා බෑවුම් මාර්ගයක වාහනය නවතා වෙනත් ස්ථානයකට ගොස් තිබුණු බවය. ඒ අතර වාහනය ඉදිරියට ධාවනය වන බව දැක තමන් රියදුරු ආසනයට නැග වාහනය නතර කර ගැනීමට උත්සහා කළද එය අසාර්ථක වූ බව හෙතෙම කියන්නේය.
එහෙත් ඇසින් දුටු සාක්ෂි මේ නිරුවත් බොරුව හෙළිදරවු කරයි. වාහනය පදවාගෙන පැමිණ ඇත්තේ අධ්‍යක්ෂවරයා විසිනි. අනතුර සිදුකර ඇත්තේ අධ්‍යක්ෂවරයා වාහනයේ රියදුරු අසුන මත සිටියදී ය. එම අවස්ථාවේ රියදුරෙක් වාහනයේ සිට නැත. එමෙන්ම මෙම අධ්‍යක්ෂවරයාට රියදුරෙක් නැති බව ද ඔහු ගැන දන්නා අය අපට කීවේය.
නීතියේ ක්‍රියාමාර්ග සහ සමාජ වගකීම
මේ සියලු කරුණු සලකා බලා මෙම අධ්‍යක්ෂවරයා පොලිස් අත් අඩංගුවට ගෙන ඇත. ඔහු කියන අප්‍රභංශය තහවුරු කරගැනීමට පොලිසිය අවට සීසීටීවී දර්ශන ලබා ගනිමින් සිටී. පාසල් පරිශ්‍රයක් තුළ හෝ සංයමයකින් වාහනයක් හැසිරවීමේ විනයක් රහිත මිනිසුන් මහ පාරේ කුමක් කරනු ඇතිදැයි ඔබ සිතා ගත යුතුය. දැන් අහිංසක මල් කැකුළ ජීවත්නු අතර නැත. නොසැලකිලිමත් මිනිසෙකුගේ පමාවකින් ඒ පොඩි එකා කුඩුපට්ටම් වී ජීවිතයෙන් සමුගෙනය.ඒ ජීවිතයට යළි හුස්ම දෙන්නට නොහැකිය.
මෙවැනි වගකීම් රහිත මිනිසුන් ජීවත්වන ලෝකයක කිසිම තැනක් ආරක්ෂිත නැති බව පමණක් ලියා තබමු.
-අසේල කුරුළුවංශ
-lankasara
lexicon international school accident
No comments: