Header Ads

Breaking News
recent

‘හේයි..’ රාජාංගනේ හිමි අත්අඩංගුවට ගනී!

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

උන්වහන්සේ විසින් මෑතකදී සිය YouTube නාලිකාව ඔස්සේ ප්‍රසිද්ධ කරන ලද වීඩියෝවක අන්තර්ගත කරුණු පදනම් කරගනිමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ වීඩියෝව මගින් මහජන ආරක්ෂක අමාත්‍යවරයාට, පොලිස්පතිවරයාට සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට අපහාස වන අයුරින් අදහස් ප්‍රකාශ කර ඇති බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
මේ පුවත තව අයට බලන්න

No comments:

Powered by Blogger.