Header Ads

Breaking News
recent

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තානයේ 20ක් මරුට.



ඇෆ්ගනිස්තානයේ උප ජනාධිපති අපේක්ෂක Amrullah Saleh ගේ කාබුල් නුවර පිහිටි කාර්‍යාලයට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 20ක් මිය ගොස් තවත් 50 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙනවා.

උප ජනාධිපති අපේක්ෂකයාද මෙම අනතුරින් සුළු තුවාල ලබා තිබෙනවා.

මරාගෙන මැරෙන් බෝම්බකරු ගේ ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු කාර්‍යාලයට ඇතුල්  වූ තවත් තුවක්කුකරුවන් හතර දෙනෙක් එහි සිටි ආරක්ෂක අංශ විසින් වෙඩි තබා ඝාතනය කෙරුනා. පැය 6කට අධික කාලයක් දියත් කල බේරා ගැනීමේ මෙහෙයුමෙන් සිවිල් වැසියන් 150කගේ පමණ ගලවාගෙන තිබෙනවා.

ප්‍රහරයේ වගකීම මෙතෙක් කිසිඳු සංවිධානයක් විසින් භාරගෙන නැහැ.

No comments:

Powered by Blogger.