උතුරේ දුම්රිය වලට වේග සීමාවක්.
උතුරු දුම්රිය මාර්ගයේදී වාහන සහ පුද්ගලයින් දුම්රියට හසු වීම වැඩිවීම නිසා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රියවලට වේග සීමාවක් පැනවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කොට තිබෙනවා.
මේ අනුව ඕමන්තේ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරණ දුම්රිය වල වේගය පැයට කිලෝ මීටර් 40 ක් දක්වා පහත හෙළීමට නිලධාරීන් තීරණය කළා.
ඉන්දීය ඉරිකෝන් සමාගම විසින් එම මාර්ග කොටස ඉතා හොඳින් සකසා ඇති බැවින් ඕමන්තේ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය කෙරෙන සීඝ්‍රගාමී දුම්රිය පැයට කිලෝ මීටර් 100 දක්වා වූ වේගයකට ගමන් කරයි.
ප්‍රවාහන අමාත්‍යංශයේ නිලධාරීන් කියා සිටින්නේ මේ වේගය අධික නිසා දුම්රිය රියදුරන්ට අනතුරු වළක්වා ගැනීමට ඇති හැකියාව අඩු බවයි.නමුත් ප්‍රවාහන අමාත්‍යංශ විසින් ගැනීමට යන තීරණයට උතුරේ සෑම දේශපාලන පක්ෂයකින්ම මේ වන විට විරෝධය එල්ල වෙමින් පවතී.
ඔවුන් කියා සිටින්නේ මේ ප්‍රශ්නයට විසදුම දුම්රිය වල වේගය අඩු කොට දුම්රිය මගීන්ට තව තවත් පීඩාදීම නොව අනාරක්ෂිත ස්ථාන වලට දුම්රිය ආරක්ෂක ගේට්ටු හා සංඥා පද්ධති සකස් කොට ඒවා සවි කිරීම බවයි.
උතුරු ප්‍රදේශයට ගමන් කරණ දුම් රිය වල වේග පාලනයක් ඇති කළහොත් දුම් රිය පැය ගණන් ප්‍රමාද වන නිසා මේ පිළිබදව මුලින්ම ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කරණ බවත් විසදුමක් නොලැබුණ හොත් පාර්ලිමේන්තුවේදී මේ ප්රශ්නය ගැන කතා කොට විසදුමක් ලබා ගැනීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව උතුරේ දේශපාලනඥයින් කීප දෙනෙකුම කියා සිටියහ.
No comments: