Header Ads

Breaking News
recent

ඇමති රන්ජන්ගේ තවත් වීඩියෝවක් ගැන අගමැතිගේ අවධානයට !

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක විසින් කැළණිය රජමහ විහාරාධිපති ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර ඇති වීඩියෝව බොහෝ දෙනා සිය අවධානයට යොමු කළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

කැළණි රජමහා විහාරයේ දායක සභාවේ සභාපතිවරයා ලෙස ඒ වීඩියෝවේ සඳහන් කරුණු තමන් ප්‍රතික්ෂේප කරන බවයි අගමැතිවරයා සිය විශේෂ නිවේදනය නිකුත් කරමින් කියා සිටින්නේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධව තමන් විසින් පත් කරන ලද කමිටුවේ අවධානයට මෙම වීඩියෝව ද යොමු කර බව අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.


No comments:

Powered by Blogger.