Header Ads

Breaking News
recent

ආණ්ඩුවේ කාලේ ගිය සුමානෙන් ඉවර වුණා

ආණ්ඩුවේ කාලේ ගිය සුමානෙන් ඉවර වුණා
මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් විරුද්ධ පක්ෂය ඕනෑම අවස්ථාවක මැතිවරණයකට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
හංවැල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
වර්තමානයේ රටේ අනාගතය අවිශ්වාස බවත් එයට හේතු වී ඇත්තේ වත්මන් ආණ්ඩුව බෙදීමකට ලක් වී තිබීම බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එවැනි තත්ත්වකදී රටේ දේශපාලනික විසඳුමක් ලබා ගැනීමට ජනතාවට අයිතියක් තිබේන බවත් මැතිවරණ පැවැත්වීමද ජනතාවගේ අයිතියක් බවත් මන්ත්‍රීවරයා පවසයි.
ආණ්ඩුවේ කාලය පසුගිය සතියේ අවසන් වු බවත් දැනට ආණ්ඩුව පවතින්නේ දෙමළ ජාතික සන්ධානයේ සමාජිකයන් නිසා බවත් මන්ත්‍රීවරයා පවසයි.
එක්සත් ජාතික පක්ෂයට වර්ථමානයේ අත් වී ඇති ඉරණම රටට අත් වීමට ඉඩ ලබා නොදීය යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

No comments:

Powered by Blogger.