Header Ads

Breaking News
recent

පොහොට්ටුව නම් කරන අපේක්‍ෂකට සහාය දෙන්න සූදානම් නෑ.. ශ‍්‍රීලනිපය නැතිව හැකිනම් දිනනු..- ශ‍්‍රීලනිපය අභියෝග කරයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය නොමැති ව ජයග්‍රහණය කරගත නොහැකි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තනිව ජනාධිපතිවරණය ජය ගත නොහැකි බවත් තමන්ට තනියෙන් ජයගත නොහැකි බව දන්නා නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සාකච්ඡා කරන බවත්ය.

මාධ්‍ය හමුව අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා කියා සිටියේ මෑතකදී පාර්ලිමේන්තු ආ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොඩි දරුවන් කිහිපදෙනෙකු මෙම සාකච්ඡා මැදට පැන ඒවා අවුල් කරන බවයි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තනිව නම් කරන ජනාධිපති අපේක්‍ෂකයෙකුට සහාය දෙන්න තම පක්‍ෂය සූදානම් නැති බවත් පක්‍ෂ දෙක එක්වී සාකච්චා කර අපේක්‍ෂකයා කවුදැයි තීරණය කල යුතු බවත් ඔහු පැවසීය.

No comments:

Powered by Blogger.