Header Ads

Breaking News
recent

බල්ලගේ වැඩේ කරන බූරුවෙක් කල්පිටිය විහාරයක (ඡායා)

ජන වහරයට අනුව නම් "බල්ලගේ වැඩේ බූරුවා” කිරීමෙන් සිදුවන්නේ අලකලංචියකි. කෙසේවුවද, එසේ ගැටලුවක් නැතිව බල්ලාගේ වැඩේ කරණ බූරුවෙක් කල්පිටිය කන්දකුලිය සමුද්‍රාසන්න විහාරස්ථානයේ සිටී.

මේ සත්වයාගේ මව කුඩා කාලෙදිම මියගොස් ඇති අතර එදා සිට මේ පුංචි බූරු පැටවා හැදී වැඩී ඇත්තේ බැදිවැව දියසේන හිමියන්ගේ රැකවරණය මධ්‍යයේය. ආවාසයේම නිදියන මේ බූරු පැටවා, එහි වෙසෙන බල්ලන්ට විවේකයක් දී ඇති බව එහිමියෝ පැවසූහ. ඒ විහාරස්ථානයට පිටස්තරයකු පැමිණි වහා මේ බූරු පැටවා බල්ලාගේ වැඩේ කරමින් කෑ ගසා ඒ බව දන්වන නිසාය.

උන්වහන්සේ මේ බූරු පැටියගේ වැඩ ගැන උද්යෝගයෙන් පවසමින් සඳහන් කරන්නේ බල්ලා හා බූරුවා හමුවන ස්ථානයක්ද ඇති බවයි. ඒ ඔවුන් ආහාර ගන්නා ස්ථානයයි. බල්ලො බල්ලො කෑමට රණ්ඩු සරුවල් වුණත් බූරුවයි බල්ලොයි අතර නම් කෑමට ගැටුම් නැතැයි උන්වහන්සේ පැවසූහ.

සටහන හා ඡායාරූප - ප්‍රියංකර කළුපහන







No comments:

Powered by Blogger.