Header Ads

Breaking News
recent

ගමනා ගමන මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක්

කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියක් නොමැතිව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්ට උසස් වීම් හා වැටුප් වර්ධන ප්‍රදානය කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය. ලංකා ගමනාගමන මණ්ඩලයේ ශ්‍රී ලංකා නිදහස් ජාතික සේවක වෘත්තීය සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් පෙන්වා දී තිබුණේ ලංකා ගමන මණ්ඩලයේ සේවකයින්ට නියමිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව උසස්වීම් සහ වැටුප් වර්ධක ලබාදීම හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි.

අදාළ පෙත්සම ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තහනම් නියෝගය ලබා දුන්නේ ලබන මස 29 වනදා දක්වා බලපැවැත්වෙන පරිදියි.

No comments:

Powered by Blogger.