Header Ads

Breaking News
recent

ධුර කාලය අඩු වීම නිසා ජනපති මෛත‍්‍රීට අසාධාරණයක් වුණා - හේ‍්‍රෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතුයි

ධුර කාලය වසර 05ක් වීම නිසා වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැඩි අසාධාරණයක් සිදුව ඇති බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති බවට තේරී පත් වෙද්දී ධුර කාලය වසර 6ක් වූ බවත් 19වන සංශෝධනය සිදු කරද්දී ජනාධිපතිවරයා ධුරයට පත් වී අවසන් බවත් ඔහු කීවේය.

ඒ නිසා වත්මන් ජනාධිපතිගේ ධුර කාලය වසර 06ක් විය යුතු බවත් වසර 05ක ධුර කාලයක් හිමි වන්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු තේරී පත් වන ජනාධිපතිට බවත් ඔහු සදහන් කරයි.

එනිසා මේ ගැන උපරිමාධිකරණයේ මතය විමසිය යුතු බවත් මන්ත‍්‍රීවරයා සදහන් කලේය.

19 වන සංශෝධනය වලංගු වන්නේ කතානායකවරයා අත්සන් තැබූ දින සිට නිසා ජනාධිපතිවරයාගේ ධුර කාලය 2020 මැයි දක්වාම ඇතැයිද ඔහු තව දුරටත් සදහන් කලේය.


No comments:

Powered by Blogger.