Wednesday, April 9 2025

Header Ads

රන්ජන් අන්‍යාගමිකයෙක්.. භික්‍ෂුන් වහන්සේලාට අපහාස කරන්න ඔහුට අයිතියක් නෑ..- බුද්ධ ශාසන ඇමති

අන්‍යාගමිකයෙක් වන රන්ජන් රාමනායක මහතාට භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයන් කිරීමට කිසිදු අයිතියක් නැතැයි බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප්‍රකාශය නොකල යුතු ප්‍රකාශයක් බවත් එය ඉතාමත් නිගරු, වගකිව යුතු නොවන, බරපතළ ප්‍රකාශයක් බවද ඔහු කියයි. රංජන් රාමනායක මහතා කියූ දේවල් කිසි තැනක අද වනතුරුත් ඔප්පු නැති බවද පවසන බුද්ධශාසන ඇමැති දෙයක් තමා එකී ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බවද පැවසීය.

මාධ්‍ය හමුවක් අමතමින් බුද්ධ ශාසන ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Comment

Powered by Blogger.