Wednesday, April 16 2025

Header Ads

ජනාධිපතිවරණයට කලින් පලාත් සභා මැතිවරණය.. ජනපති නියෝගයෙන් නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට

සර දෙකකට ආසන්න කාලයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසුමක් සිදු කරන ලෙස ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට දැනුම් දී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

බ‍්‍රහස්පතින්දා දිනයේ ජනාධිපතිවරයාට විසින් ලිඛිතව මෙම දැනුම් දීම නීතිපතිවරයාට සිදු කර තිබේ.

පළාත් සභා මැතිවරණය බොහෝ කලක් ප්‍රමාද වීමත්, මැතිවරණ පවත්වන ආකාරය ගැන ව්‍යාකූලත්වයක් ඇතිව තිබීමත් සැලකිල්ලට ගෙන මෙම මත විමසීම සිදු කරන්නැයි දන්වා ඇති බවත් දැන ගැනීමට ඇත.

මේ වන විට පළාත් සභා 08කම නිල කාලය අවසන් වී ඇති අතර ඌව පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් මාසයේ අවසන් වීමට නියමිතය.


Leave a Comment

Powered by Blogger.