ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව පළමු ජය ලැබේ !
පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.
ශ්‍රී ලංකාව දෙපළු කරගෙන කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉදි වෙන ඇමෙරිකානු ආරථික කොරිඩෝව සඳහා අක්කර ලක්ෂ ගණනක් අවශ්‍ය වෙනවා.
මේ ඉඩම් ඇමෙරිකාව විසින් ගොවින්ගෙන් මිළ දී ගැනීමේ යටි අරමුණෙන් තමයි බලපත්‍රලාභින් විධියට ඉඩම් භුක්ති විඳින අයට සින්නක්කර ඔප්පු ලබා දෙන්න තීරණය කලේ. ඒ සඳහා ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත පාරලිමේන්තුවට ඉදිරිපත් කලේ. අපි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න කටයුතු කරන විට ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට විරුද්ධ වුණොත් ජනතාව පාරට බහින්න ඉඩ තිබෙන බව සමහරු අපට කිව්වා. ජනතාව සමග පාරට බහින බවට අගමැති ර්තජනය කලා. නමුත් රට වෙනුවෙන් ජනතාව මා සමග තරහා වීමේ අවදානම ගන්න අපි තීරණය කළා.
ඉඩම් පලාත් සභා විෂයක් නිසා පලාත් සභා වලට ඉදිරිපත් නොකර පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ර්තක කළා. අපේ ර්තක පිලිගනිමින් පාරලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත පලාත් සභා වලට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. 2012 දී දිවි නැගුම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ දී අපූරු දෙයක් කියනවා. ඒ තමයි පලාත් සභාව විසුරුවා ඇත්නම් පලාත් සභාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයාට අත්සන් තබන්න බෑ. ඒ නිසා පලාත් සභා වල එකඟතාවය ගත නොහැකි නම් පාරලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත විය යුතුයි.
මේ අනුව ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත නීතියක් වීමට නම් පාරලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත විය යුතුයි. මේ ආණ්ඩුව තුනෙන් දෙක තියා සාමාන්‍ය බහුතරය හදාගන්නෙත් බොහොම අමාරුවෙන්. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සිහිනයක් පමණි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යන තුරුම මේ පනත සම්මත කර ගන්න ලැබෙන්නේ නෑ. ඒ සමගම ලංකාවේ ඉඩම් අත්පත් කරගෙන ආරථික කොරිඩෝවක් ඉදි කිරීමත් ඇමෙරිකාවේ සැබෑ නොවන සිහිනයක් වනු ඇති. ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව දේශප්‍රේමි බලවේග ලැබූ කුළුඳුල් ජයග්‍රහණය ලෙස මේක දක්වන්න පුළුවන්.
මේ ජයග්‍රහණයට පාර කැපූ මුදල් අය කිරීමකින් තොරව කටයුතු කල ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ඇතුළු අපේ නීතිඥ මඩුල්ලට ජාතිය බේරා ගැනීම පිළිබඳ අපේ ප්‍රණාමය පුද කරනවා.
– අරවින්ද අතුකෝරල
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ZMcEsJY00of-RoQU2ZGsmrgiIkxKyYldZKV_N2YU53px-R665fmj_YRophpbvYlD1Mv3BXqAFRE3bRQpnbr6TqW4gHH9zMHSaVP1TTM6tNzZezeo0tvho7hmJovjRIaRSkuHC8W5TVwP/s1600/shareit.jpg)

No comments: