Header Ads

Breaking News
recent

"නම වෙනස් කරගෙන ආවත් රූකඩ වැඩබැරි පාලකයන්ට රට භාර දෙන්න සූදානම් නැහැ" - පවිත්‍රා වන්නිආරච්චි

ග්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් අලූ‍ත් නාටකයක් පෙන්වීමට උත්සාහ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඊයේ (24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පෙන්වා දුන්නේ එක්සත් ජාතික පක්සය විසින් ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ නමින් අලූත් පෙරමුණකින් ඇවිත් ජනතාවට සේවය කරන්න දැන් සූදානම් වන බවයි.

ගියවර ජනාධිපතිවරණයේදී මේවැණි බයිලා කියම්න හංසයා අරගෙන ආ බවත් පක්ෂවල නම් වෙනස් කළාට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට ජනතාව රවටීමට නොහැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහදන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසීය.

“පරණ සිංහල කියමනක් තියෙනවා ඔලූ‍වෙ අමාරුවට කොට්ටෙ මාරු කරලා වැඩක් නැහැ කියලා. ඒ වගේම කැලේ මාරු කළාට පුල්ලි මාරු වෙන්නේ නැහැ. රට විනාශ කරපු, ජාතික ආරක්ෂාව නැති කරපු, ආර්ථිකය විනාශ කරපු රූකඩ පාලකයෝ නම වෙනස් කරගෙන ආයෙත් එන්න හදන්නෙ.  තව ඉංග‍්‍රීසි ඉංග‍්‍රීසි කියමනක් තියෙනවා අලුත් බෝතලයකට පරණ විස්කි දානවා වගේ කියලා. මේ ලෑස්තිවෙන්නේත් අලූ‍ත් බෝතලයකට පරණ අරක්කු ටිකම පුරවන්නයි. මොන විදියට නම වෙනස් කරගෙන ආවත් රූකඩ වැඩබැරි පාලකයන්ට රට භාර දෙන ජනතාව සූදානම් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරු දැන් කියනවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු ඔවුන්ගේ සන්ධානය සමඟ එකතු වෙන කතාවක් කියනවා. ඒ අතරේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු කියනවා අපිට වැදගත් වෙන්නේ පුද්ගලයන් නෙවෙයි ප‍්‍රතිපත්තිය කියලා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය යන මාවත අපි විවෘත මනසින් දකිනවා.  ඔවුන් තම පෞද්ගලික න්‍යාය පත‍්‍රයන් ඉටුකරගන්න මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ලණුවක් දීලා මේ ක‍්‍රියාත්මක කරන වැඩපිළිවෙළ අපට හොඳින්ම පැහැදිලියි. මේ අතර රවි කරුණානායක ඇමතිවරයාගේ අමාත්‍යංශය වෙනත් ස්ථානයකට ගෙනයන්න මිලියන 360 හතරක් ඉල්ලලා කැබිනට් පත‍්‍රිකාවක් යොමු කරලා."

"විදුලිබල අමාත්‍යාංශය අපිත් හිටියා. අපි කවදාවත් ලෙකෝ අරමුදල්වලට අත තිබ්බේ නැහැ. මේ අය ලෙකෝ මුදලටත් අත තියනවා. ඒ මුදල්වලින් ඇමතිවරු රට සවාරි යනවා.  ඒ උනාට  අපි ආරම්භ කරපු විදුලිබල ව්‍යාපෘති ටිකවත් අවසන් කර ගත්තේ නැහැ. චක‍්‍රලේඛ නිකුත් කරලා පුනරාවර්තන වියදම අඩුකරන්න කියනවා.  එහෙම කියන ගමන් ඇයි මේ විදිහට ලෙකෝ මුදල්වලට හදිස්සියේ අත තියන්නේ කියන එක අපිට සැකයි. ආණ්ඩු වෙනස් වෙන්න තියෙන්නේ තව මාස කීපයයි. ඉතින් මොකටද මෙතරම් හදිසියෙ අමාත්‍යාංශය වෙනස් කරන්නේ. අද අපේ හතුරා දුර්වලයි. ඒ නිසා මැතිවරණ තියන්නේ නෑ. විවිධ රූකඩ අපේක්ෂකයින් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයේදී යම් විදිහකින් අපේ ජයග‍්‍රහණ ඡන්ද ප‍්‍රමාණය බෙදීමකට ලක් කරන්න ඔවුන් උත්සාහ කරනවා. රටේ ඉදිරි ජනාධිපතිවරයා පත් කරගැනීමේදී වගකීමකින් කටයුතු කරන්න කියලා අපි ජනතාව දැනුවත් කරනවා. රටට ආදරේ කරන, රට ගොඩනඟන ගොඩනඟන ජනාධිපතිවරයා බිහිවන එක වළක්වන්න ඇතැම් පිරිස් විවිධ උපක‍්‍රම යොදනවා. ඒ පිළිබඳව ජනතාව  අවබෝධයෙන් සිටිය යුතුයි. අද රටේ කොහේ ගියත් පොදු ජනතාව ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා. ඒකාබද්ධ විපක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ අභ්‍යන්තරයේ විවිධාකාරයෙන් සාකච්ඡා පවත්වනවා.  එම සාකච්ඡාවල තීරණ විදිහට තමයි අපේ න්‍යාය පත‍්‍රය අපි සකස් කර ගන්නේ. අපි දැන් ලංකාව පුරා කාන්තා සම්මේලන පවත්වමින් යනවා.  හොඳ දේශපාලන  විඥානයක් තිබෙන දහස් ගණන් ජනතාව අද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී පරාජයට පත්වීම වළක්වන්න කාටවත් බැහැ. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා සියලූ‍ බලවේග ඒකරාශී වෙමින් සිටිනවා.“

No comments:

Powered by Blogger.