පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගල් ප‍්‍රහාරයක්
වව්නියාව, මදවයිත්තකුලම් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගල් ප‍්‍රහාරයක් එල්ල කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙලෙස ගල් ප‍්‍රහාරයට ලක්ව තිබුණේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි වව්නියාව පොලීසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක්. සැකකරුවන් දෙදෙනා එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනාට ගල් ප‍්‍රහාරය එල්ල කර පලාගොස් තිබෙනවා.
No comments: