Header Ads

Breaking News
recent

අගමැති රනිල් ඇතුළු ඇමතිවරු තිදෙනෙක් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවන දවස මෙන්න

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එළඹෙන අගෝස්තු 06 වනදා කමිටුව හමුවට කැඳවීමට තීරණය කර ඇති බව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරස්වාමි මහතා පවසනවා. ඒ අනුව අදාල කැඳවීම සම්බන්ධයෙන් අද (29) දිනයේදී අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීමට නියමිතයි.

මේ අතර එම දිනයේදීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ කැබිනට් අමාත්‍යවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර සහ සාගල රත්නායක යන අයද සාක්ෂි විමසීම සඳහා කැඳවීමට තීරණය කර තිබෙනවා.

එසේම යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාද නැවත වරක් සාක්ෂි විමසීම සඳහා එළඹෙන 31 වනදා කැඳවීමට තීරණය කර ඇති අතර එදිනටම හිටපු ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතාද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි විමසීම සඳහා කැඳවීමට තීරණය කර තිබෙනවා.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මේ වන විට පාර්ශව රැසකින් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එහි අවසන් වාර්තාව ලබන මස අවසන් වීමට පෙර ලබා දීමට නියමිතව තිබෙනවා.

No comments:

Powered by Blogger.