"දකුණේ කිසිම සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය ලැබෙන්නෙ නැහැ" - සිවාජිලිංගම්
ඉදිරි ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිදු දේශපාලන පක්ෂයක හෝ එකී පක්ෂයකින් එන සිංහල නායකයකුට දෙමළ ජනතාවගේ සහාය හිමිනොවනු ඇති බවත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහි ඇත්තේ ද බලවත් අප්‍රසාදයක් හා කලකිරීමක් බවත් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ටෙලෝ සංවිධානයේ සභාපති එම්.කේ.සිවාජිලිංගම් මහතා කීය.
2015 දී මෛත්‍රී රනිල් ආණ්ඩුව විශ්වාස කිරීමෙන් දෙමළ ජනතාව රැවටීමට ලක්වූ බවත් දෙමළ ජාතික සන්ධානය ද සිදුකළේ ජනතාව රැවටීම පමණක් බවත් මේ නිසා දෙමළ ජනතාව මෙම ස්ථාවරයට පැමිණ සිටින බවත් සිවාජිලිංගම් මහතා කීය.
ඉදිරි ජනාධිපතිවරණය හා උතුරේ දේශපාලන හා සමාජීය තත්වය පිළිබඳ ලංකාදීපයට අදහස් පලකරමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.
"දෙමළ ජනතාව දැන් මේ ආණ්ඩුව ගැන විතරක් නෙවෙයි දකුණේ සියලු සිංහල නායකයින් ගැන කිසිම විශ්වාසයක් නැතිවයි සිටින්නේ. ඒ ජනතාව ඊළඟ ජනාධිපතිවරණයේ දී දකුණේ කිසිම අපේක්ෂකයකුට සහාය නොදෙන ස්ථාවරයෙන් පසුවෙනවා. මොකද දෙමළ ජනතාවගේ ජාතික ප්රශ්නය ඇතුළු මූලික ප්‍රශ්න වලට විසඳුම් ගේනවා කියල පොරොන්දු වෙලා ඒ ජනතාවගේ සහායෙන් බලයට පත්වුණ මෛත්‍රී රනිල් ආණ්ඩුවත් කලින් ආණ්ඩුවල මෙන් දෙමළ ජනතාව රැවටූ බවට ඒ ජනතාව තේරුම් අරන් තියෙනවා. ඒ එක්කම දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට කොන්දේසි සහිතව හා කොන්දේසි රහිතව සෑම අවස්ථාවලම සහාය දුන්නා. ඒත් දෙමළ දේශපාලන සිරකරුවන් තවමත් සිරගෙවල්වල. ජනතාවගේ ඉඩම් තවමත් ආරක්ෂක හමුදා බාරයේ. වගවීමේ යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක කරල නැහැ. දේශපාලන විසඳුම් ගෙන ඒම වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ උත්සහය ද අතරමඟ නැවතිලා."
"දෙමළ ජාතික සන්ධානය පසුගිය සිව් වසර පුරාම කීවේ මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ජාතික ප්‍රශ්නයට විසඳුම් ගෙන එනවා කියලයි. ඒ ආකාරයෙන් දුන් සෑම පොරොන්දුවක්ම ඉටු නොකළ නිසාත් ආණ්ඩුවට අසීමිත ලෙස සහාය දැක්වීම නිසාත් දෙමළ ජාතික සන්ධානය කෙරෙහිත් ජනතාව තුළ අද තියෙන්නේ කෝපයක්. මේ නිසා මින් ඉදිරියට කිසිදු දකුණේ දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයකුට දෙමළ ජනතාවගේ සහාය නොලැබෙන තත්වයක් තමයි පවතින්නේ. දෙමළ ජාතික සන්ධානය කෙරෙහිත් කිසිදු විශ්වාසයක් නැති තැනට පත්වෙලා. ඒ වගේම අපේ ජාතික ප්‍රශ්නයට විසදුම් ගෙන ඒම,යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම, අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීම, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, ආරක්ෂක හමුදාව බාරයේ ඇති දෙමළ ජනතාවගේ ඉඩම් නිදහස් කිරීම ඇතුළු කාරණාවන් ශ්‍රීලංකාවේ බලයේ සිටින හෝ බලයට එන කිසිදු ආණ්ඩුවකින් ඉටුනොවන නිසා ඒ වෙනුවෙන් ජාත්‍යන්තර වශයෙන් බලකිරීම් සිදුකිරීමට සිදුවෙනවා. ඒ වෙනුවෙන් අප රාජ්‍යතාන්ත්‍රික මාර්ගයෙන් සටන් කරනවා" යැයිද සිවාජිලිංගම් මහතා කීය.

No comments: