Header Ads

Breaking News
recent

ජනාධිපතිවරණය තියන්න බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න - නාමල්

ජනාධිපතිවරණය තියන්න බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවන්න - නාමල්
පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ කල් දැමූ ආකාරයට ජනාධිපතිවරණයද කල් දැමීමේ සූදානමක ආණ්ඩුව නිරත වෙමින් සිටින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදුකළ ජනතා හමු කිහිපයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
ආණ්ඩුවේ කාලය දැන් අවසන් වී ඇති බවත්, තවත් මාස කීපයකින් මැතිවරණයකට යා යුතු බවත්, මේ වන විට ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සහයක් ගන්නා බව ද පැවසු මන්ත්‍රීවරයා, කරුණාකර මැතිවරණයක් පැවැත් වීමට නොහැකි නම් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
හාමුදුරුවන්ට අපහාස කරන අය ශුද්ධවන්තයින් ලෙස පසුගිය කාලයේ රඟපෑ බව ද පැවසු මන්ත්‍රීවරයා, විශ්‍රාම වැටුප් අවශ්‍ය නොවන්නේ නම්, පාර්ලිමේන්තුව විසුරුවන්න යෝජනාවක් ගෙන එන ලෙස ද පැවසීය.

No comments:

Powered by Blogger.