'කරුට ජනාධිපති අපේක්ෂකත්වය එපා.. ඔහු පබාටත් පරාදයි' - කරු විරෝධී එජාප කල්ලියක් මාදිවෙල කුමන්ත්රණයක
මාදිවෙල පිහිටි මන්ති‍්‍ර නිලනිවාසයකදි පසුගිය 19දා විශේෂ සාකච්චාවක් පැවැත්විණි. ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ නියෝජනය කරන මන්ති‍්‍රවරු 08 දෙනෙකු හා මන්ති්රවරියක්ද සහභාගි වී තිබුණි. මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්චා වී තිබුණේ ඉදිරි ජනාධිපති මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා පිළිබඳවයි.
එම සාකච්චාවේදි එක්සත් ජාතික පක්ෂයේ නායකයන් කිහිප දෙනෙකු පිළිබඳව විශේෂයෙන් සාකච්චා වී තිබුණි. එනම් රනිල් වික්‍රමසිංහ, සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය හා ලක්ෂ්මන් කිරිඇල්ල යි.
විශේෂත්වය වනුයේ මෙම තරුණ මන්ති‍්‍ර හමුවේදි කරු ජයසූරිය මහතාද දැඩි ලෙස විරෝධය පලකර තිබිමයි. එහිදි මන්ති‍්‍රවරු සඳහන් කර තිබුණේ කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය පාවාදුන්නෙකු බවයි. එවන් පසුබිමක් පැවතියද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරූ ජයසූරිය මහතාට පක්ෂයේ නියෝජ්‍ය නායකකමද ලබාදීම පවා අමතක කොට එවන් අයෙකු වෙනුවෙන් පාක්ෂිකයා ඉදිරියට ගොස් සහය ලබාදෙන්නේ කෙසේදැයි මන්ති‍්‍රවරු සාකච්චා කර ඇත.
තවද 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදි තම දිස්ති්රක්කයවත් ආසනයත් ජයගත නොහැකි වූ කරු ජයසූරිය මහතා ඉදිරි ජනාධිපතිවරණයේදි ජනාධිපති අපෙක්ෂකත්වය අපේක්ෂා කිරිමත් ලැජ්ජා සහගත බවත් 2010 මැතිවරණයේදි ඔහු උපේක්ෂා ස්වර්ණමාලිට පවා පරාජය වූ බව බදුල්ල දිස්ති‍්‍රක් මන්ත්‍රීවරයෙකු මෙහිදි පවසා තිබුණි.
– මාදිවෙල විශේෂ වාර්තාකරු

No comments: