ගණන් මාස්ටර් අත්අඩංගුවට : ගෝලයෝ හඳුනා ගැනීමේ පෙරට්ටුවකට
කලගෙඩිහේන ප්‍රදේශයේ මහමගදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගණිත උපකාරක පංති පත්වාගෙන යන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තාගේ ආරක්ෂකයින් සිවුදෙනා අද (22) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඒ සැකකරුවන් පෙරේදා එම අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අත්තනගල්ල වැඩබලන මහේස්ත්‍රාත් සිතාරා මීවලගේ මහත්මිය ලබාදුන් නියෝගයකට අනුවය.
ඩිෆෙන්ඩර් රථයකින් සහ සුඛෝපභෝගී ජීප් රථයකින් පැමිණි පිරිසක් මෙම පහරදීම සිදුකර තිබුණේ පසුගිය අගහරුවාදාය.
මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් 4 දෙනෙකු අවස්ථා කිහිපයකදී පොලිසියට භාරවීමෙන් පසුවයි ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රථයද මේ වනවිට කොළඹ අපරාධ කොට්ඨාශය භාරයේ තබාගෙන තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ සහ සුඛෝපභෝගී ජීප් රථයේ ලියාපදිංචි හිමිකරුවන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිසිය කියයි.
විමර්ශනවලට අනුව, ආරක්ෂකයින් බැස ගිය එක් වාහනයක් උපකාරක පංති පත්වාගෙන යන දිනේෂ් නුවන් අමරතුංග නැමැත්තා යටතේ ලියාපදිංචි වූ ප්‍රාඩෝවක් වන අතර සිද්ධියට සම්බන්ධ අනෙක් ඩිෆෙන්ඩර් ජීප් රථය ගලගොඩ ඉංගිරියේ පදිංචි චන්දුල අමරතුංග නම් පුද්ගලයෙකු යටතේ ලියාපදිංචි කර ඇති එකක් බව පැවසේ.
ඒ අනුව ගණිත ගුරුවරයා අත්අඩංගුවට පත්වීමට බොහෝදුරට ඉඩ පවතී.

No comments: