Header Ads

Breaking News
recent

පරාජයේ පව් හතුරු පිටින් යවන්න හැදූ හරීන්ට ලිපියක් නිසා තරුවිසිවෙයි

බංග්ලාදේශ තරගාවලියෙන් පසුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ඉවත් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ පිරිසක් ඔවුන් මුණ ගැසීමට වේලාවන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.


මේ පිරිස අතර, 96 ලෝක කුසලානය දිනා දුන් කණ්ඩායමේ ක්‍රීඩකයෝද සිටින බව පැවසේ.

ඔවුන් කියා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානයේ පළමු වටයෙන්ම එළියට විසිවීමට සියලු පුහුණුකරුවන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාද වගකිව යුතු බවයි.

හතුරු ගෙනඒමට අනුමැතිය ලබාදුන්නේද ලෝක කුසලානයට යැවූ කණ්ඩායම සඳහා අනුමැතිය ලබාදුන්නේද ක්‍රීඩා ඇමතිවරයා බවද අදාළ පිරිස චෝදනා කරමින් මේවන විට ලිපි දෙකක් ජනපති හා අගමැති වෙත යොමුකර ඇති බව පැවසේ.

හතුරුට ඉතුරු පස්සේ

බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ඔවුන්ගේ ධූර වලින් අස්වන්නැයි දන්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රිකට් ආයතනයට ලිපියක් මගින් දන්වා තිබේ.

ඉන් අනතුරුව ඔවුන්ගේ කොන්ත්‍රාත්තු පිලිබඳ සලකා බලන ලෙසටත් අදාළ ලිපියේ සඳහන් බව වාර්තා වෙයි.

පනස්දෙකේ නායකයා !

මේ අතර, බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ලංකාව අවුරුදු 52ක නායකයකුට යන බවට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන්ද එජාපයේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් චෝදනා එල්ලව ඇති බව වාර්තා වේ.

ඔහු එහිදී “මේක එක්සත් ජාතික පක්ෂයට හා අපේ රටට දේශපාලන වශයෙන් එපා වුණ කාලයක්. ඒකට සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කිසි බලාපොරොත්තුවක් ඇතිකරගන්න හැකියාව තිබෙනවා. මොකද පැරණි ගතානුගතික ක්‍රමවේදයන්ට වඩා ලංකාව අවරුදු 52 ක නායකයෙකුට යනවා කීම තුළ මිනිසුන්ට රට ගැන විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇතිකරගන්න පුලුවන්. මම විශ්වාස කරනවා මේ ආණ්ඩුව අපි හවුල් ආණ්ඩු කරගෙන ගිහිල්ලා වැටිච්චි වලෙන් ගොඩ යන්න නම් රට ගැන බලාපොරොත්තුවක් තියන්න නම් එකම පවුලකට බලය දෙනවාට වඩා අයියගෙන් මල්ලිට, මල්ලිගෙන් බාප්පාට අම්මගෙන් පුතාට යනවාට වඩා ප්‍රේමදාස කියන අරුත්බර නමක් තිබෙන 1995 ඉදලා පූර්ණ කාලීනව කටයුතු කර ඇති ගම්මු ආදරේ පුද්ගලයෙක් තමයි සජිත් ප්‍රේමදාස. ඒනිසා මේ ජනාධිපතිවරණයේදී මිනිස්සු කැමති නායකයෙකුට අපි ඉඩ දෙන්න ඕන.ඒකයි හරි ක්‍රමවේදය‘’ යනුවෙන් පවසා තිබේ.

මේ ආණ්ඩුව ක්‍රිකට් විනාශ කළා - අර්ජුන

මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ වත්මන් ආණ්ඩුව යටතේ ගෙවුණු වසර 4 තුළදී ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූ බවයි.

No comments:

Powered by Blogger.