Header Ads

Breaking News
recent

රුහුණු සරසවි සිසු සිසුවියෝ HIV පරීක්ෂණයකට යොමුකරන්න කියයි

රුහුණු සරසවියේ අමානුෂික ලෙස නවක වදය ක්‍රියාත්මක කෙරෙන බවට මාධ්‍ය හමුවක් පවත්වමින් එහි සිසුවෙකු සිදු කළ අනාවරණයක් හේතුවෙන් අදාළ නවක වදය දුන් සිසුන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට විශ්ව විද්‍යාල කොමිෂන් සභාව සැරසෙන බව වාර්තා වේ. මේ අතර, එම කොමිසමට එහි සිසු සිසුවියන් HIV පරීක්ෂණ වලට යොමු කරන ලෙස ඉල්ලමින් නිර්නාමික ලිපි ලැබී ඇති බවද පැවසේ.


ඊයේ (30) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් සිසුවකු පවසා සිටියේ, තමා නිදා සිටිය දී රැගෙන ගොස් නාන කාමරය ළඟ දී තමා නිරුවත් කළ බවයි.

තමාගේ ඇඟ මිරිකා දමන බවත් සඳහන් කරන මෙම සිසුවා, තමාව නිරුවතින්ම කොමන් රූම් එකක් තුළට දැමු බව ද පැවසීය.

එහිදී සිදුවූ තවත් කරුණු ඔහු මෙසේ කියා සිටියේය.
එය තුළ දී තමාට මෙන්ම මෙම සිදුවීම සිදුවු තවත් අය සිටින බව ද පැවසු මෙම සිසුවා, ඒ තුළින් තමාට නොයෙක් ලෙඩ රෝග වැළඳුණු බව ද සඳහන් කළේය.

බස් රථයක හෝ ගමන් කළ නොහැකි තත්ත්වයක් ඉන් අනතුරුව ඇතිවු බවත් තමාගේ ශරීරය ටිකෙන් ටික වෙනස් වු බවත් පැවසු මෙම සිසුවා, HIV ටෙස්ට් එකක් පවා තමා සිදු කල බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් මාතර පොලීසියට 2019.03.21 වන දින පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් පැවසු මෙම සිසුවා, දෙපාරක් මෙම වැරදි සිදුකල අයට කැඳවීම් සිදු කර ඇතැත් ඔවුන් සහභාගී නොවන බව ද කියා සිටියේය.

ඒ සඳහා පෙනී සිටින්නේ පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති පමණක් බවද පැවසු සිසුවා, මෙය සංවිධානාත්මක සිදු කරන බවත්, උද්ඝෝෂණ සඳහා සිසුන් ගෙන්වා ගැනීමට මෙය සිදු කරන බවත් පැවසීය.

නිදහස් අධ්‍යාපනයක් මොවුන් තුළ නොමැති බවත්, මෙම තත්ත්වය තුළ තමාගේ මව මොළයේ අභ්‍යන්තරයේ රුධිර වහනයක් හේතුවෙන් මිය යන බවත් මවට මෙය දරා ගැනීමට නොහැකි වු බවත් පැවසු මෙම සිසුවා, උපකුලපති පවා මෙයට විදිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද සඳහන් කළේය.


No comments:

Powered by Blogger.